Loading..

iPhone 15 එළියට එන දිනය ගැන දැනුම් දෙයි

මාස කිහිපයක් ඇතුළත ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මෙලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ නවතම iPhone 15 දුරකථනයයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම දුරකථනය සඳහා USB Type-C වර්ගයේ  cahrging cable එකක් හඳුන්වා දීමට නියමිත බවය.

එසේම මෙම ජංගම දුරකථනය iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro & iPhone 15 Pro Max ලෙස මාදිලි 04 කින් වෙළෙඳපොළට නිකුත්කරනු ඇත.

මේ අතර මෙම නව iPhone 15 හි ඉදිරිපස සහ පසුපස කැමරාවන් හි විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද එම වාර්තා පවසයි.

එසේම අදාළ වාර්තා ආරන්චි මාර්ග උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ iPhone 15 මාදිලිය සැප්තැම්බර් මස 07 වනදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බවය.

The post iPhone 15 එළියට එන දිනය ගැන දැනුම් දෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JQFjoqO
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.