Loading..

රෝගී ජීවිත 8,000ක් අනතුරේ

මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, හෘද රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකර්ම කිරීමට පොරොත්තු ලේඛනයේ රැඳීසිටින රෝගීන් 8,000කගේ පමණ ජීවිත මේ නිසා අවදානමකට ලක්වී ඇති බවය.

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, ඒ සඳහා ස්ටෙන්ට් ප්‍රතිකර්ම සිදුකිරීම, හෘදයේ සිදුරු හඳුනාගැනීම හා ප්‍රතිකර්ම කිරීම ඇතුළු රෝග විනිශ්චය හා ප්‍රතිකර්ම රැසක් හෘද කැතීටකරණ ඒකකයෙන් සිදුකරනු ලබයි.

ඒ සඳහා යොදාගනු ලබන හෘද කැතීටකරණ යන්ත්‍ර 14ක් දිවයින පුරා රෝහල් 11ක ස්ථාපිත කර ඇති අතර ඉන් 2ක් මහනුවර ජාතික රෝහල සතුව පවතී.

කෙසේ වෙතත්, ඉන් 2006 වසරේදී ස්ථාපිත කෙරුණු යන්ත්‍රය පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.

එමෙන්ම මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයේ ස්ථාපිත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන නවීනතම යන්ත්‍ර 2 පිහිටි ගොඩනැඟිල්ලේ සිසිලන පද්ධතිය පසුගිය වසරේ නොවැම්බර් සිට අක්‍රිය වී ඇති අතර, මාස 6ක් ගතවී ඇතත් එය පිළිසකර කර නොමැති බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි. 

මේ අතර දිවයින පුරා රෝහල් කිහිපයක විකිරණ ප්‍රතිකාර ඒකක, රසායනාගාර පරීක්ෂණ, වකුගඩු ක්‍රියාකාරී ඒකක අඩපණ වී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මේ අතර, රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකක වෙත පැමිණෙන රෝගීන්ට ඇතැම් ඖෂධ පෞද්ගලික ඔසුසැල්වලින් ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්වී සිටී.

එවන් පසුබිමක රෝහල් පද්ධතිය තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ත් 200ත් අතර ප්‍රමාණයක හිඟයක් තවදුරටත් පවතින බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.(adaderana)

The post රෝගී ජීවිත 8,000ක් අනතුරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PZewiVl
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.