Loading..

පොලී අනුපාත තවදුරටත් පහතට! පොලී අනුපාත සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්!

ආර්ථිකය ස්ථාවරවීම තුළ ජනතාවට එම සහන ලබාදෙන බව අද (08) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතය අඩුවීමේ වැඩිම අගය ඊයේ දින වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% පොලී අනුපාතිකයක් අඩුවී ඇති අතර දින 182 භණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%කට ආසන්න ප්‍රතිශතයකින් අඩුවී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසීය.

The post පොලී අනුපාත තවදුරටත් පහතට! පොලී අනුපාත සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GIU8MEe
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.