Loading..

රටම බල සටන ඓතහසක LPL වනදසය අද සදවනන මහමය! එකවර කණඩයම දකකට ලස ඉදරපත කරම හකයව!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ෂැංගිලා හෝටලයේදී යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 අදියර සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 360 දෙනෙකු වෙන්දේසිය සඳහා සුදසූකම් ලබා සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම මෙතෙක් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය හරහා සිදුවූ අතර, ඒ වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් 360ක් කාණ්ඩ දෙකකට වර්ග කර ඇති අතර, ඒ ඒ රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කළ හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් වශයෙන් එම කාණ්ඩ දෙක වෙන් වනවා.

මෙවර තරගාවලියට විදේශීය ක්‍රීඩකයින් 156ක් ලියාපදිංචිවී සිටින අතර, දේශීය ක්‍රීඩකයින් 204ක් ද ලියාපදිංචි ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත්.

LPL වෙන්දේසියේදී ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ කිහිප දෙනෙකු ද වනවා.

ඔස්ට්‍රේලියාවේ chris Lynn, Jason Behrendorff, Andrew Tye, Cameron Bancroft, Billy Stanlake සහ Nathan Coulter-Nile, ඉන්දියාවේ සුරේෂ් රයිනා, නවසීලන්තයේ Doug Bracewell, Martin Guptill, Colin De Grandhomme ese Tim Seifert, පාකිස්තානයේ Imad Wask, lmad Wask, Iftikhar Ahmad, Sarfaraz Ahmed, Mohammad Hafeez සහ Yasir Shah යන ක්‍රීඩකයින් ඒ අතර වනවා.

දකුණු අප්‍රිකාවේ Duanne Olivier, Imran Tahir සහ Rassie Van Der Dussen සහ බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන Andre Fletcher, Carlos Brathwaite, Evin Lewis, Johnson Charles, Lendl Simmons ese Obed Mccoys & වෙන්දේසි වන ක්‍රීඩකයින්ට අයත්.

වෙන්දේසිය පස්වරු 3ට ආරම්භ කෙරෙන අතර එය වෙන්දේසිය වට 51 කින් සමන්විතයි. දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ බහුවිධ දක්ෂතා කෙරෙහි පූර්ණ අවධානය යොමුකරන බලයලත් කණ්ඩායම් පහේ කළමනාකාරීත්වය අවම වශයෙන් ක්‍රීඩකයින් 16ක් තෝරා ගත යුතු වනවා.

ජැග්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල අවුරා, කැන්ඩි ෆෝල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් මෙවර තරගාවලියේදී තරග වදින කණ්ඩායම් වන අතර, එම සෑම කණ්ඩායමකටම දැනටමත් විදේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු කලින් අත්සන් කර ඇති බැවින්, තවත් විදේශීය ක්‍රීඩකයින් හතර දෙනෙක් මෙම වෙන්දේසියේදී තෝරා ගත යුතුයි.

එම සෑම කණ්ඩායමකටම වෙන්දේසියේදී වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ අවස්ථාව ද පවතිනවා.

මෙවර තරගාවලියේදී තවත් කැපි පෙනෙන වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ එක් එක් කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී මෙතෙක් වැය කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් හයලක්ෂ පනස් දහසකින් (650,000) ඉහළ දැමීමයි.

අවසන් වසරවල සිදුකරන ලද ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කණ්ඩායමක් වෙනුවෙන් වෙන් කරන ලද උපරිම මුදල ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ පනස් දහසක් (350,000) වන නමුත් මෙම වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියනය (1,000,000) දක්වා වැඩි කර තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිවු දෙනෙකුට සෘජුව ගිවිසුම් ගත වීමේ ඒ ඒ කණ්ඩායම්වලට හිමිවන අතර ඒ සඳහා උපරිමය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් දවැය කළ හැකියි.

ඉතිරි ඩොලර් ලක්ෂ 5 ක මුදල වෙන්දේසියේදී භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ක්‍රීඩකයෙකු සමග වසර 3 ක කාලයක් සදහා ගිවිසුම්ගත වීමේ හැකියාව කණ්ඩායම් හිමිකරුවන්ට පවතිනවා. කෙසේ වෙතත්, සෑම වසරක් අවසානයේ දී ම ක්‍රීඩකයින් සිය සංචිතයෙන් නිදහස් කිරීමේ හෝ රදවා ගැනීමේ අයිතිය ඒ ඒ කණ්ඩායම් සතුයි.

ක්‍රීඩකයින් නිදහස් කිරීමෙන් හෝ යම් හේතුවක් මත ක්‍රීඩකයින්ට තරගාවලියට සම්බන්ධ වීමට නොහැකි වන විට ඇති වන පුරප්පාඩු වෙනුවෙන් වසරින් වසර කුඩා වෙන්දේසියක් (mini-auction) පැවැත්වීමට නියමිතයි. වසර 3ක චක්‍රයක් ලෙස එලෙස වාර්ෂිකව කුඩා වෙන්දේසි පැවැත්වීමට නියමිතව තිබෙනවා. කණ්ඩායම් අතර ක්‍රීඩකයින් අලෙවි කිරීම සදහා ද යම් කාලසීමාවක් ලබා දෙන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

වෙන්දේසියේ දී කණ්ඩායම් දෙකක් විසින් ලංසු ඉදිරිපත් කිරීම සිදු කරන අතර, එක් කණ්ඩායමක් ඉන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසුවයි වෙනත් කණ්ඩායමටකට ලංසු ඉදිරිපත් කළ හැකි වන්නේ. ලංසු ඉදිරිපත් කිරීමේ දී ඒ ඒ මූල්‍ය වටිනාකම් අනුව එක් එක් ලංසුව වර්ධනය වන්නේ පහත සදහන් ආකාරයෙන් –

• From $5,000 to $10,000 – increments of $500 per bid
• From $10,000 to $20,000 – increments of $1000 per bid
• From $20,000 to $30,000 increments of $2000 per bid
• From $30,000 to $50,000 – increments of $2500 per bid
• From $50,000 & above – increments of $5000 per bid

තරගාවලිය ජූලි මස 30 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩඩායමට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50ක් හා අනුශූරතාව වෙනුවෙන් මිලියන 25ක් පිරිනැමෙනු ඇති.

ක්‍රීඩක වෙන්දේසියට අදාළ සියලුම යාවත්කාලීන කිරීම් ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වූ මොහොතේ සිට අපගේ වෙබ් අඩවිය හරහා බලාපොරොත්තුවන්න

The post රටම බලා සිටින ඓතිහාසික LPL වෙන්දේසිය අද සිදුවන්නේ මෙහෙමයි! එකවර කණ්ඩායම් දෙකකට ලංසු ඉදිරිපත් කිරීමේ හැකියාව! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9C7D1jP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.