Loading..

ඇසට කචයක දමමට ගය 35 හවරද දදර මව ශලය කරමයන පස අවසන ගමන යය

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.

මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා ඇත

එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ (5) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇතැයි පවුලේ ඥාතීහු පවසයි.

ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීහු සැකකරති.

The post ඇසට කාචයක් දැමීමට ගිය 35 හැවිරිදි දෙදරු මව ශල්‍ය කර්මයෙන් පසු අවසන් ගමන් යයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SNV0PrC
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.