Loading..

පරණ වහන සඳහ පරය කරනනනට සබ ආරචයක

ලියාපදිංචිය සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා භාවිතා නොකරන පෞරාණික වටිනාකමින් යුත් වාහනවලට කැබිනට් අනුමැතියකින් විශේෂ සහනයක් ලබාදී ගමනාගමනයට ඉඩ ලබාදීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා වසර ගණනක් මුළුල්ලේ ලියාපදිංචි නොකළ වාහන විශාල ගණනක් නිවසේ තුළම රඳවා ගෙන ඇති බව හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මෙම වාහන සහන වාර්ෂික මුදලකට යටත්ව ලියාපදිංචි කොට භාවිතයට අවසර දීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට නියමිතව ඇති බව සඳහන්.

මේ යටතේ සහන ක්‍රමවේදයකට ආදායම් බලපත්‍ර ලබාදීමට ද නිර්දේශ කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන අධිකාරිය පවසන්නේ.

The post පැරණි වාහන සඳහා ප්‍රිය කරන්නන්ට සුබ ආරංචියක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xiM38OK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.