Loading..

සය එකම පතග ශනතකරමයට නළම මල කඩනන ගය පය යළ නඑන ගමන යය

නවගත්තේගම කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩීමට ගිය එක් දරු පියෙකු පසුගිය 02 වනදා සවස දියේ ගිලී මරණයට පත්වී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ, නවගත්තේගම කොන්කඩවල පදිංචි 60 හැවිරිදි තෙන්නකොන් මුදියන්සේලාගේ සිරිසේන නැමති එක් දරු පියෙකි.

තම එකම දරුවා වන 25 හැවිරිදි පුතා නිතර අපස්මාරය රෝගයට ගොඳුරු වන බැවින් ඒ සදහා දේශීය වෙද මහතෙක් විසින් සිදු කරනු ලබන ශාන්තිකර්මයක් සදහා අවශ්‍ය නෙළුම් මල් කැඩීමට මෙම පියා කොන්කඩවල වැවට ගොස් ඇති බවත් එහිදි මඩේ එරී දියේ ගිලී ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

මෙම ශාන්තිකර්මය සදහා නෙළුම් මල් පමණක් මෙම එක්දරු පියාට කැඩීමට සිදුව තිබු බවත් එම ප්‍රතිකාර සදහා අවශ්‍ය අනිකුත් දෑ හිතවතුන් හා ඥාතින් භාර ගෙන තිබු බවද පැවසේ.

අදාල තැනැත්තා පාපැදියකින් පැමිණ වැව ආසන්නයේ නිවසක පාපැදිය දමා ගොස් ඇති අතර සවස් වනතුරුත් නැවත නොපැමිණීම හේතුවෙන් ගම්වාසින් විසින් ඔහු පිලිබඳ සොයා බලා තිබේ.

ඒ අනුව, ප්‍රදේශවාසින් විසින් වැව පීරමින් අදාල පියා සොයන විට මඩේ එරී දියේ ගිලී මරණයට පත්ව සිටියදී සිරුර සොයා ගෙන තිබුණි.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණි.

The post සිය එකම පුතුගේ ශාන්තිකර්මයට නෙළුම් මල් කඩන්න ගිය පියා යළි නොඑන ගමන් යයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QNUxYy4
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.