බිත්තර මිල සහ කුකුළු මස් මිල ඉදිරි මාස 2ක ඇතුළත අඩුවනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාලන මිලක් නියම කර තිබුණ ද දේශීය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීමට අපහසු වී ඇති බව වාර්තා වෙයි.
සුදු බිත්තර සඳහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රුපියල් 48ක පාලන මිලක් මේ වනවිටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
නමුත් මේ වනවිට ඇතැම් වෙළෙඳසැල්වල බිත්තර රුපියල් 60ක් වැනි අධික මුදලකට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් පෙන්වා දෙයි.
The post බිත්තර හා කුකුළු මස් මිල සම්බන්ධයෙන් ලැබුණු පණිවිඩය first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/okHzpuF
via IFTTT


