Loading..

පෙම් හඹය හෙළි වී සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක සහ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක සහ පාලක පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරියක් ඔවුන්ගේ ඉල්ලා අස්වීම අග්‍රමාත්‍යවරයාට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඉල්ලා අස්වීමට හේතු වී තිබෙන්නේ කතානායකවරයා සහ මන්ත්‍රීවරිය අතර පවතින ප්‍රේමසම්බන්ධයකි.

කතානායකවරයා පනස් හතර හැවිරිදි දෙදරු පියෙක් වන අතර හතලිස් හත් හැවිරිදි කාන්තාව තවමත් අවිවාහකය.

ඉල්ලා අස්වී තිබෙන කතානායකවරයා, සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු බවත්, ඔහු එරට අග්‍රාමාත්‍ය ධූරයට පවා සුදුසු අයෙකු බවට මහජන ප්‍රසාදය දිනා සිටින අයෙකු බවත් පැවසේ.

The post පෙම් හඹය හෙළි වී සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක සහ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nXaymEs
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.