Loading..

දැවැන්ත වැඩවර්ජනයක නිරත වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති වෙතින් අනතුරු ඇඟවීමක්

ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අද (25) දිනය තුළ හකුලා නොගන්නේ නම් සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

අදාළ චක්‍රලේඛය වහා හකුලාගන්නා ලෙස බල කරමින්, මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙත්සමක් භාර දුන්නේ ය.

ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරන්නේ පසුගිය සෙනසුරාදා දිනයේයි.

මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (24) කොළඹදී මෙම චක්‍රලේකයට විරෝධය පළ කරමින් පෙත්සමක් අත්සන් කරනු ලැබීය.

මෙම සංවිධානයට සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළත් ය.

පසුව පිරිස පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ගොස් එම පෙත්සම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී තිබුණි.

The post දැවැන්ත වැඩවර්ජනයක නිරත වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති වෙතින් අනතුරු ඇඟවීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yWjnS9z
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.