Loading..

ගල කටව ඡයරප ගනමට තහනමක!

එළඹෙන අගෝස්තු (01) දින සිට ගාලු කොටුව තුළ කැමරාකරණය සදහා ගාලු උරුමය පදනමේ ලියාපදිංචිය ඇති කැමරා ශිල්පීන්ට පමණක් අවස්ථාව ලබාදෙන බව ගාලු උරුමය පදනම සදහන් කරයි.

ගාල්ල කොටුව තුළ මංගල අවස්ථා, (Pre-shoot) ඇතුළු වෙනත් පෞද්ගලික උත්සව, වෘත්තීය මට්ටමින් නිශ්චල කැමරාකරණයේ යෙදීමේදී පුරාවස්තු වලට හානි වන අවස්ථා වාර්තා වී තිබෙන බව ගාලු උරුමය පදනම සදහන් කරයි.

එම නිසා ගාල්ල කොටුවේ පුරාවිද්‍යා උරුම ආරක්ෂා කරමින් ආගමික හා සංස්කෘතික අගයන්ට මෙන්ම ආර්ථික කටයුතු වලට බාධා හා අනිසි බලපෑම් ඇති නොවන පරිදි ගාල්ල කොටුවේ උරුම කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වගකීම ගාලු උරුමය පදනම වෙත පැවරී ඇත.

ඒ අනුව ගාල්ල කොටුව තුළ වෘත්තීය මට්ටමින් නිශ්චල ඡායාරූප ගතකිරීම සඳහා අවස්ථාව සලසාදීමට අදාල කැමරා ශිල්පීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවද ගාලු උරුමය පදනම සදහන් කරයි.

The post ගාලු කොටුවේ ඡායාරූප ගැනීමට තහනමක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HBwOvcE
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.