කැරට් හැර සෙසු සියලුම එළවළුවල තොග මිල 30%කින් පමණ ඊයේ(23) දිනයේදී පහළ ගිය බව දඹුල්ල තොග වෙළෙදුන් පවසනවා.
ලැබෙන එළවළු ප්‍රමාණය පසුගිය සතියට සාපේක්ෂක පහත ගොස් තිබුණද එළවළු මිලදීගන්නට පැමිණෙන පිරිසෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බවයි ඔවුන් පවසන්නේ.
වීදී දෙපස හා නගරබදව සිටි එළවළු වෙළඳුන් බොහෝමයක් වෙළඳාමෙන් ඉවත් වීම මෙයට හේතු වී තිබෙනවා.
කැරට් කිලෝවක තොග මිළ රුපියල් 400ත් 430ත් අතර මිලක පැවැතිණි. බෝංච් කිලෝවක් 300ත් 350ත් මාළු මිරිස් 280ත් 300ත් අමු මිරිස් කිලෝවක් 400ත් 450ත් ලීක්ස් 130ත් 140 වට්ටක්කා කිලෝවක් 70ත් 100ත් දක්වා තොග මිලක් දක්වා අලෙවි කෙරිණි.
සෙසු එළවළු තොග මිල 30%න් පමණ පහළ ගිය බවත් කැකිරි සහ පිපිඤ්ඤා තොග මිල 100%කින් පමණ පහළ ගිය බවද තොග වෙළෙන්දෝ පැවැසූහ.
The post එළවළු මිලෙහි සැලකිය යුතු පහළ යාමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/mLP7rwa
via IFTTT


