Loading..

දමත කරණරතනට අවසන මහ තරගය අහම වය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට හෙට(9) නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස දිමුත්ට හෙට තරගය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් මහා තරගය හෙට මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

The post දිමුත් කරුණාරත්නට අවසන් මහා තරගය අහිමි වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iAr4e0o
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.