Loading..

පොලිස් ජීප් රථයක පත්තු වූ පොහොට්ටු රැස්වීමේ මල් වෙඩිල්ල

පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දැල්වූ මල් වෙඩිල්ලක් පයාගල පොලීසියේ ජීප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය කියා සිටියේ ඊයේ (30) සවස කළුතර බස් නැවතුම් පොළේ පැවැති රැස්වීමකදී මෙම සිදුවීම සිදුවූ බවයි.

පයාගල පොලිස් ස්ථානාධිපති ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ආරක්ෂාවට ගොස් සිටියදී එම ජීප් රථයට මෙම හානිය සිදුව තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ කිසිවකු විසින් දැමු මෙම මල් වෙඩිල්ල පොලිස් ජිප් රථය තුළට තුළට ඇතුළු වී එය පිපිරීමෙන් එහි වීදුරු වලට මෙම හානිය සිදුව ඇති බවයි.

The post පොලිස් ජීප් රථයක පත්තු වූ පොහොට්ටු රැස්වීමේ මල් වෙඩිල්ල first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/omzsv3p
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.