පසුගිය වසරේ මැයි මස 09 වන දා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම තුළින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින්ම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.
අරගල ක්‍රියාකාරිකයෙකු වන ජනත්.එස්. විතාරණ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් වසරේ මැයි මස නව වන දා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත් වූ බවය.
එමෙන්ම මෙම සිද්ධීන් පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බව පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post පොලිස්පතිට නොතීසි නිකුත් කරයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/eMPYGbl
via IFTTT


