Loading..

අපරාධ කල්ලි සාමාජිකයෙකු මට්ටු කළ STF වෙඩි පහර

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී ඊයේ(19) රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මියගිය සැකකරු හෝමාගම ප්‍රදෙශයේ සිදූවූ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු බව ද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

The post අපරාධ කල්ලි සාමාජිකයෙකු මට්ටු කළ STF වෙඩි පහර first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mUA7q3t
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.