Loading..

කුඩු සලිඳුගෙන් මිලියන 130 ක් ඉල්ලූ පොලිස් නිලධාරියා කවුද?

මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් පසු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න හෙවත් “කුඩු සලිඳු”ගෙන් රුපියල් මිලියන 130 ක් ඉල්ලා සිටි බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු විදේශයක සිට මෙරට අපරාධ මෙහෙයවූ බවට වන චෝදනා හේතුවෙන් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන කටයුතු සිදු වන බව වාර්තා වෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, සැකකරුවන් නිරීක්ෂණය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විට සලිඳු ගුණරත්න විසින් ලබා දුන් රහසිගත ප්‍රකාශයකින් පසුවයි.

තමන් රඳවා සිටින අංශයේ සිටින මෙම පොලිස් නිලධාරියා තමාගෙන් පසුගිය මැයි 31 වැනිදා මුදල් ඉල්ලා සිටි බවත් ඒ බව තමන් රඳවා සිටින අංශය භාර නිලධාරියාට දැනුම් දුන් බවත් සලිඳු ගුණරත්න එකි ප්‍රකාශයේදී පවසා තිබෙනවා.

The post කුඩු සලිඳුගෙන් මිලියන 130 ක් ඉල්ලූ පොලිස් නිලධාරියා කවුද? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5SJexhi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.