Loading..

මෙම සති අන්තයේ සිට ගාලු නගරය නොනිදන නගරයක් බවට පත්වෙයි

ගාල්ල නොනිදන නගරයක් බවට පත් කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ගාල්ල වාණිජ මණ්ඩලය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එක්ව ආරම්භ කොට ඇති බවගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල වාණිජ මණ්ඩලයේ සභාපති හේමන්ත ගමගේ මහතා සඳහන් කළා.

මේ යටතේ මෙම මස 5 හා 6 යන දෙදින තුළ ගාල්ල කොටුව බාලදක්ෂ මාවත ආශ්‍රිතව මෙම රාත්‍රි නගරය ක්‍රියාත්මක කරන බව ද ගාල්ල වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.

මේ යටතේ ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ රාත්‍රී කාලයේ රැඳී සිටිමින් භාණ්ඩ මිලදී ගැනීම, උසස් රසවින්දනය, විනෝදාශ්වාදනය, දේශීය ආහාර පාන ලබාගැනීම ඇතුළු පහසුකම් රැසක් සලසා දී තිබෙන බවද හෙතෙම සඳහන් කර සිටියා.

ඉදිරි කාලයේ දී ගාල්ල නගරය අශ්‍රිතව සෑම සති අන්තයක දීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද හේමන්ත ගමගේ මහතා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක් වූ ගාල්ල වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ලියනගේ මහතා සඳහන් කළේ මීට දශක දෙකකට පමණ පෙර ගාල්ල නගරය රාත්‍රී නගරයක් බවට පත්ව තිබුණු නමුත් පසුකාලයේදී ගාල්ල නගරය නිදන නගරයක් බවට පත් පත්වූ බවයි.

කෙසේ වෙතත් තම අපේක්ෂාව ගාල්ල නගරය පෙර පැවති පරිද්දෙන් නොනිදන වෙළෙඳ නගරයක් බවට පත් කිරීම බවද මහේන්ද්‍ර ලියනගේ මහතා පැවසුවා.

The post මෙම සති අන්තයේ සිට ගාලු නගරය නොනිදන නගරයක් බවට පත්වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Hai9b1x
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.