Loading..

එක් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් (පෝස්ට්) පළ කිරීම සඳහා රුපියල් මිලියන 44ක් අය කරන ක්‍රිකට් ක්‍රීඩකයා

Instagram සමාජ මාධ්‍ය ජාලයේ සිය ගිණුමෙහි තබන එක් සටහනක් (post) වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන පුද්ගලයින් පිළිබද නවතම වාර්තාවක් Hopper HQ විසින් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝයි. ඔහු එක් වෙනුවෙන් එක් සටහනක් පළ කිරීම වෙනුවෙන් අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 26.75 කි.

එම වාර්තාවට දෙවැනි ස්ථානයට ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්ව ඇති අතර ඔහු අයකරන මුදල ඉන්දීය රුපියල් කෝටි 21.49කි.

ඊට අනුව Instagram සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරනු ලබන තෙවැනි පුද්ගලයා වන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලියි.

lnstagram සමාජ මාධ්‍ය ජාලය තුළ ඔහුට අනුගාමිකයන් මිලියන 256 කට සිටී.

එක් සටහනක් වෙනුවෙන් ඔහු අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 11 ක්. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 44 ක් පමණ)



from TODAY NEWS LK https://ift.tt/lPA8ojt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.