බෙල්ලන්විල රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ගිය කාන්තාවක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සැකපළ කරන්නේ මාර්ගය දෙපස විදුලි ආලෝක සැරසිලි සිදුකළ කොන්ත්‍රාත්කරුගේ අනාරක්ෂිත ක්‍රියා පිළිවෙත මෙම අනතුරට හේතුවී ඇති බවටය.
ඵෙතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහැර පසුගිය සෙනසුරාදා රාත්‍රියේ වීථි සංචාරය කළේය.
වෙනදා මෙන් එදිනත් දහස් සංඛ්‍යාත පිරිසක් පෙරහැර නැරඹීමට මඟ දෙපස රැස්ව සිටි අතර එහි සිටි එක් කාන්තාවක් මෙලෙස මරණයට පත්වන්නේ විදුලි සැර වැදීමෙනි.
එසේ මියගොස් තිබුණේ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි දෙදරු මවකි.
පෙරහැර ගමන්ගන්නා මාර්ගය විදුලි බුබුළුවලින් සැරසීම සිදුකර ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින්ය.
එම කොන්ත්‍රාත්කරු විදුලිබල මණ්ඩලයෙන් අවසර ලබාගැනීමකින් ද තොරව ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියෙන් අනීතික ලෙස සහ අනාරක්ෂිතව විදුලිය ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.
එම චෝදනා මත බොරලැස්ගමුව පොලීසිය ඊයේ (21) උදෑසන එම කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
නමුත් එම කොන්ත්‍රාත්කරු සමඟ එදින සහායට සිටි තැනැත්තා පවසන්නේ නගර සභාවේ අනුමැතිය ලබාගෙන නිසි ක්‍රමවේදයට අනුව විදුලි ආලෝක කිරීම් සිදුකළ බවය.
from TODAY NEWS LK https://ift.tt/VzJMmEd
via IFTTT


