පිටරට සිට වටිනා භාණ්ඩ සහ මුදල් එවන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි දිනකට 40 කට වැඩි ප්‍රමාණයක් රේගුවට ලැබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත අයි. සිල්වා පැවැසීය.
ඒ අනුව මාසයකට පැමිණිලි 1000 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවද ඔහු කීවේය.
ඇතැමුන් අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන පසුව ආදරවන්තයකු හෝ ආදරවන්තියක ලෙස පෙනී සිටිමින්, ත්‍යාග හා මුදල් එවන බව පවසා මුදල් වංචා කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.
රේගුවේ නම සහ ලාංඡනය භාවිතකර ව්‍යාජ ලිපි සකසා රේගුවේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කෙරෙන ජාවාරමක්ද ක්‍රියාත්මක වන බව ඔහු කීවේය.
විදේශයකින් වටිනා භාණ්ඩ සහිත පාර්සලයක් ලැබී ඇති බවට දුරකථන ඇමැතුම් ලබාදී රේගු ගාස්තු ගෙවා එය ලබාගන්නා ලෙසට වංචනික ක්‍රියා සිදුවන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මෝටර් රථයක් ජයග්‍රහණය කර තිබෙන බව පවසා ඇතැමුන් මුදල් වංචා කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙලෙස ත්‍යාගය ලබාදීමට මුදල් බැර කරන ලෙස දැනුම් දෙන බැංකු ගිණුම් අංක සහිතව පැමිණිලි කිරීම මගින් එම ගිණුම් අසාදුගත කිරීමට හැකි බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.
from TODAY NEWS LK https://ift.tt/MWhT3jS
via IFTTT


