Loading..

ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෙම වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා ලබන මස 1 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම්පත් යොමු කළ හැකි වන අතර www.doenets.lk හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile Application) වන DoE වෙත පිවිස මෙම අයැදුම්පත් යොමු කළ හැකි බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

අයැදුම්පත් සම්පූර්ණ කිරීමට පෙර Technical Instructions, Common Instructions උපදෙස් වීඩියෝව නැරඹීම අයැදුම්පත නිවැරැදිව සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද එහි නිවේදනයේ සඳහන්ය.

වැඩිදුර විමසීම් සඳහා 0112785231, 0112785216 හෝ 1911 යන දුරකථන අංකයන්ට අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.



from TODAY NEWS LK https://ift.tt/SVsDwb6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.