Loading..

සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සංවිධානය කරන සියලු දේශීය තරඟාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ආයතනය මුහුණ පා ඇති අභ්‍යන්තර ගැටලු හමුවේ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පළාත් දිස්ත්‍රික් ඇතුළු සියලු ප්‍රධාන පෙළේ දේශීය තරඟාවලි අත්හිටුවා ඇත.

පවතින ගැටලුකාරී තත්ත්වයන් ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර විසඳන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් දැනුම් දී ඇත.



from TODAY NEWS LK https://ift.tt/nNmrCs9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.