Loading..

පොහොට්ටු මන්ත්‍රී සජිත් ළඟට පිම්මක් පනියි

ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සමඟි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියොජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙක්.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වී උත්තර ලංකා සභාගය සමඟ කටයුතු කළ ඒ මහතා ඊයේ (04) සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව සඳහන් කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/bV6vjIe
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.