Loading..

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලයෙකුට හෙට තරගය අහිමි වෙයි

ආසියානු කුසලාන අවසාන මහ තරගය සඳහා ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අක්ශාර් පටෙල් වෙනුවට වොෂින්ටන් සුන්දර් කැඳවනු ඇති බවට ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊයේ (15) පැවති ඉන්දියා බංග්ලාදේශ තරගයේ දී අක්ශාර් පටෙල් යම් ආබාධයකට ලක් වූ අතර, ඔහුගේ අත ඉඳිමුමකට ලක් ව ඇති බව සඳහන්ය.

එම තරගයේ දී අක්ශාර්ගේ අතෙහි පන්දුව වැදුණු අතර, ඉන් මෙම ආබාධය ඇති වී තිබේ.

සිදු කළ පරීක්ෂණවලින් ඔහුගේ අස්ථි බිඳීමක් සිදු වී නැති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරි පැය 24 තුළ අක්ශාර් පටෙල් ව තවදුරටත් නිරීක්ෂණය කරනු ඇති බව ද සඳහන්ය.



from TODAY NEWS LK https://ift.tt/eqf2ZT0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.