පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවෙකි.
පොලීසිය පවසන්නේ මියගොස් ඇති සරසවි සිසුවා ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයේ නාන කාමරයක ඇදවැටීමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවයි.
පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
from TODAY NEWS LK https://ift.tt/CAVQq2o
via IFTTT


