Loading..

ලෝකයේ ලස්සනම බිරිඳ ලංකාවට

විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) ඊයේ (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී විමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/BDTI79o
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.