Loading..

අයහපත් කාලගුණය හේතුවෙන් කලාප තුනක පාසල් කිහිපයකට නිවාඩු

නායයෑමේ අවදානම පවතින බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් කිහිපයකට අවදානම පහව යන තුරු නිවාඩු ලබා දීමට බලධාරීන් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරකට මෙසේ නිවාඩු ලබා දීමටයි තීරණය කොට ඇත්තේ.

හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමල විද්‍යාලය, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් ඊයේ(07) සිට තාව කාලිකව වසා එහි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

එමෙන් ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලයද ගංවතුර තර්ජන හේතුවෙන් වසා අවදානම පහව යන තුරු දරුවන්ට තම නිවෙස්වල සිටින ලෙස දැනුම්වත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/TvzA0CM
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.