Loading..

ජපන් ජාතික පියෙකුගෙන් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසනවා.

54 හැවිරිදි බිරිය සහ 15 හැවිරිදි දරුවා අගෝස්තු මස 05 දින ලංකාවට පැමිණ ඇති අතර පසුව ඔවුන් නැවතත් අගෝස්තු මස22 දින ජපානයට යායුතුව තිබූ බව පෙලිසිය පවසනවා.

එහෙත් ඔවුන් දෙදෙනා නොපැමිනි බව සඳහන් කරමින් කාන්තාවගේ සැමියා මෙලෙස පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊමේල් මාර්ගයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව අනාවරණය වෙනවා.

පොලිස් සංචාරක කොට්ඨාසය විසින් ජපන් ජාතිකයා ලබාදී ඇති ලංකාවේ ලිපිනයන් අනුව එම සම්බන්ධව සොයා බැලීමට මෙය වන විටත් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/MnCFvID
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.