Loading..

බන්ධනාගාරගත කෙරුණු සචිත්‍ර සේනානායකට හදිසි පපුවේ අමාරුවක්

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු පොළඹවාලීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට පපුවේ අමාරුවක් මතුවී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී බන්ධනාගාර රෝහලෙන් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, මේවනවිට ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වනවා.

කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ ‘එම්‘ වාට්ටුවේ රඳවා සිටින සචිත්‍ර සේනානායකගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් සචිත්‍රව බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන්ගේ අවධානය යොමුවී තිබුණ ද මේ දිනවල කොළඹ බන්ධනාගාර ආශ්‍රිතව පැතිර යන උණ තත්ත්වයක් හේතුවෙන් සචිත්‍ර සේනානායකව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේම රඳවා තැබීමට තීරණය කර ඇත.

පසුගිය 06 වැනිදා සචිත්‍ර සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණු අතර, පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.



from TODAY NEWS LK https://ift.tt/xG0Ytnu
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.