කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සදහන් කරයි
ඉඩමෙහි පිහිටි ළිඳක් සම්බන්ධයෙන් ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර විදෙශිකයකුයට අයත් නිවසකට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇති අතර නිවසේ වු භණ්ඩ තොගයක්ද ප්‍රහාරකයන් විසින් කොල්ලකා පලා ගොස් ඇති බවට නිවැසියන් පොලීසියට පැමිණිලි කොට තිබේ.
ප්‍රහාරයෙන් නිවැසියන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කොටඇති අතර ප්‍රහාරයට පැමිණි අයෙකුද තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
from TODAY NEWS LK https://ift.tt/ctdzyJM
via IFTTT


