මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්ස්ක් පවසනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා හිමිවන බවද සඳහන්.
සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහායටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ස්තුතිය පළ කර තිබෙනවා.
from TODAY NEWS LK https://ift.tt/0lN6IoK
via IFTTT


