Loading..

ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඓතිහාසික ක්‍රිකට් ජය

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

ඒ අනුව එංගලන්තයට එරෙහිව ඕනෑම තරග ඊටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තගාවලි ජය වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116 ක් පමණයි.

පන්දු යැවීමේ චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17 ක අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.



from TODAY NEWS LK https://ift.tt/8Xaim6v
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.