අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් දෙහිඕවිට නගරය ආසන්නයේ නිවසක නාන කාමරයක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.
දෙහිඕවිට පොලිසිය විසින් අද (22) උදෑසන එම කාන්තා මළ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවක් බවයි වාර්තා වුණේ. මෙම කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක් වන අතර සිද්ධිය සිදුව අවස්ථාවේ දී ඇයගේ සැමියා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.
සැමියා මේ වනවිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දෙහිඕවිට පොලිසියට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/EanHyJY
via IFTTT


