පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතනවල එවැනි කම්කරුවන් 8,000ක් පමණ සිටින බවයි.
එම කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.
අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.
from TODAY NEWS LK https://ift.tt/mwZH0LU
via IFTTT


