Loading..

රුපියල් 800ක් වටින ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 274ක් වියදම් කරලා! නඩුවත් පරාද වෙලා!

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්තේ වතුයායේ රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කළ වතුයායේ සේවකයින් දෙදෙනෙකුට පවරා තිබූ නඩුවක් අවසන් වන විට ඒ වෙනුවෙන් වැවිලි සමාගම රුපියල් ලක්ෂ 274ක මුදලක් වැය කර ඇති බව පොදු ව්‍යාපාර පිළබඳ කාරකසභා රැස්විමේ දී අනාවරණය විය.

මෙහි විශේෂත්වය වන්නේ එතරම් මුදලක් වැය කළද එම නඩුවෙන් වැවිලි සමාගම පරාජයට පත්වීමයි.

2017 වර්ෂයේ දි රත්වත්තේ වතුයායෙන් ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට හා මුරකුරුවෙකුට ඇල්කඩුව වැවිලි සමාගම විසින් මාතලේ අධිකරණයේ නඩුඅංක 39/32/2017 යටතේ නඩු පවරා තිබුණි.

මෙම නඩුවෙන් ඇල්කඩුව වැවිලි සමාගම පරාජය වී තිබු අතර එම නිසා සේවකයින් දෙදෙනාට වන්දි මුදල් හා ඔවුනගේ නීතිඥ ගාස්තු ගෙවීමටද සමාගමට සිදු වී ඇත.

සොරකම් කරණු ලැබු රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02 වෙනුවෙන් පවරණු ලැබු නඩු කටයුතු වසර 6ක් තිස්සේ පවත්වාගෙන ගොස් අවසන් වනවිට ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් ලක්ෂ 274 ක මුදලක් වැයවි ඇති බව මෙම කමිටුවේ දි අනාවරණය විය.



from TODAY NEWS LK https://ift.tt/NTHUv7O
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.