දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝග ලක්ෂණ වනවා.
එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
from TODAY NEWS LK https://ift.tt/S7FhdV1
via IFTTT


