Loading..

ඇමති නසීර්ට මන්ත්‍රීධූරය අහිමි වෙයි! මන්ත්‍රීධූරය පුරප්පාඩු වූ බවට මැතිවරණ කොමිසමට දැනුම්දෙයි!

හිටපු පරිසර අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කිරීමට නියමිතය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 06 වැනිදා තීන්දු කරනු ලැබුවා.

ඒ සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/DGudyiM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.