විදුලි ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා.
මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ විදුලිබල මණ්ඩලයේ ආදායම් කළමනාකරණය කර ගැනීම සදහා මෙම ගාස්තු ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.
විදුලි ගාස්තු සියයට 22 කින් යළි ඉහළ නැංවීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැළපීම් පවතින බැවින් විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙසට පසුගියදා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන්නා.
එයට ප්‍රතිචාර ලෙස විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා 10%ක විදුලි බිල ඉහළ දැමීමක් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/WExq0Nh
via IFTTT


