Loading..

අනුරාධපුරේදී රෝහලේදී විශ්මිත සැත්කමක්! මොළයේ සැත්කමක් සිදු කරද්දී රෝගියෙකු චිත්‍රයක් අඳියි!

නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදුකරන ලදි.

මෙරට රජයේ රෝහලක මෙවැනි ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ පළමු වරටයි.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකි.

ඔහුගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් මෙයාකාරයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්වූහ.
 
මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදුකිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා) පත්කිරීම සිදුකරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුණු බවත් වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation) පවත්වා ගෙනගොස් තිබුණි.

මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායම ද පුදුමයට පත්කරමින්.

ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් කතාබස් කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණු පස අත හා කකුල චලනය වැනි ක්‍රියාකාරකම් අතරතුර මොළයේ ගෙඩිය ඉවත් කිරීම සිදුවුණා.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත්, සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතරතුරම ව්‍යාධිජනක කොටස (ගෙඩිය/tumour) ඉවත් කිරීමට හැකියාව ලැබීම බව වෛද්‍යවරු පැවසූහ.
 
මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතා ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත්කරමිනි.
 
ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් නික්ම ගොස් තිබුණි.
 
මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගිනි.



from TODAY NEWS LK https://ift.tt/jMAQbnU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.