Loading..

ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනාගේ නම් ගම් හෙළිවෙයි

අනවසරයෙන් දේශසීමා හරහා ජෝර්දානයට සිට ඊශ්‍රායලයට ඇතුළු වීමේ දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු වී තිබේ.

මීට දින දෙකකට පෙර ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 50ක් වූ ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක් වූ කේ. ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන්ය.

මෙම කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ බැවින් ඔවුන් නැවතත් ජෝර්දානයට යවන බව ද නිවේදනය කර ඇතැයි වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/bApLFnl
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.