Loading..

බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඊයේ (03) රාත්‍රීයේ මෙම අනතුර සිදුවූ බවයි.

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබූවන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/sv8dCVi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.