අහිතකර කාලගුණ තත්ත්වයන් යටතේ නිවැරදිව අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති අ.පො.ස. (සා.පෙළ) පමණක් සමත් කාලගුණ විද්‍යාඥයන් පස්දෙනකු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ සේවය කරන බව වාර්තා වෙයි.
මේ බව අනාවරණය වන්නේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා කමිටුව ) විසින් පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වාර්තාවක් මගිනි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටට ඉදිරිපත් කරන ඇතැම් අනාවැකි නිවැරදි නොවීම නිසා නිතර නිතර සමාජයේ දෝෂාරෝපණයට ලක්වන ආයතනයකි. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේදීත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේදීත් පසුගිය කාලයේ ඉදිරිපත් වූ වැරදි සහගත කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. මෙම තත්ත්වය ගැන විමර්ශනය කළ කෝපා කමිටුව නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමට අත්‍යවශ්‍ය වන ”ඩොප්ලර්” වර්ගයේ රේඩාර් පද්ධතියක් නොමැතිව වසර 15ක් තිස්සේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටට කාලගුණ අනාවැකි හා පුරෝකථන ලබා දී ඇති බවද සිය වාර්තාවේ සඳහන් කර ඇත.
මෙයට අමතරව දෙපාර්තමේන්තුව අනාවැකිකරණයට අවශ්‍ය රේඩාර් පද්ධතියක් ගොන්ගලකන්දේ ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 402 (කෝටි 40ක් පමණ) වියදම් කර ඇතත් වසර 13ක් තිස්සේ එය හමාර කර නැත. මෙම රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමට ගෙනා උපකරණවලින් රුපියල් ලක්ෂ 91ක් වටිනා උපකරණ දැනටමත් අතුරුදන් වී ඇති බව කෝපා වාර්තාවෙහි දැක්වෙයි.
දිවයින පුරා පතිත වන වැස්සේ අනුපාතය මනින වැසි මිනුම් කට්ටල 444ක් ස්ථාපිත කර තිබේ. එහෙත් එයින් මිනුම් කට්ටල 44කින් කිසිදු දත්තයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොලැබෙන බවද මෙම වාර්තාවෙහි විශේෂයෙන් සඳහන්ය.
-ඉරිදා දේශය පුවත්පත-
from TODAY NEWS LK https://ift.tt/0l1YCV6
via IFTTT


