Loading..

මව්කිරිවල ප්ලාස්ටික් පවතින බව අනාවරණය වෙයි

ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතා පැවසිය.

ගාල්ල මිනාරා හෝටලයේ පැවති මානව හා පාරිසරික සම්පත් කළමනාකරණය පිළිබඳ සංවර්ධන ආයතනය ශ්‍රි ලංකා මාලදිවයින් කැනඩා මහ කොමසාරිස් කාරයාලිය දේශිය මුල පිරීම් සඳහාවු අරමුදල සමග ඒක්ව ඩී හරම් (DEIHERM)ආයතනය ක්‍රියාත්මක කරනු ලබන අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවන වැඩ මුළුවේදිය ඒ මහතා ඒ බව පැවැසීය.

වෙරළ තිරය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරිම සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත්කිරිම සඳහා පැවති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගිවුහ.

අද වනවිට පොලිතින් ප්ලාස්ටික් එදිනෙදා ජන ජිවිතයේ නැතුවම බැරි මෙවලමක් බවට පත්වෙලා. මේවායේ මයික්‍රෝ ප්ලාස්ටික් නිසා සමහර ලෙඩ රෝගද හැදෙනවා යැයි ද ඔහු කීය.



from TODAY NEWS LK https://ift.tt/m6MuX7J
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.