මාතර තිහගොඩ ප්‍රදේශයේදී පසුගිය වසරේ පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි පහරකින් හිසට තුවාල සිදුවූ 16 හැවිරිදි පාසල් සිසුවා අදටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පුනරුත්ථාපන කඳවුරේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
තවමත් නව යොවුන් වියේ පසුවන ඔහුට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමටද නොහැකි වී තිබෙනවා.
මව්පියන් ඒ සම්බන්ධයෙන් දැඩි කණගාටුවකින් පසුවනවා.
2022 වසරේ ඔක්තෝබර් 28 වනදා එනම් අදින් වසරකට පමණ පෙර මාතර තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් සිසුවෙකු වෙඩි ප්‍රහාරයට ලක්වූ සිදුවීම ඔබට මතක ඇති.
තවත් මිතුරන් සිව්දෙනෙකු සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු තිහගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ 57 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනමක්ද සිදු කළා.
මේ සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.
from TODAY NEWS LK https://ift.tt/QFNtbqK
via IFTTT


