Loading..

ජලය සඳහා සූත්‍රයක්

ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව කරන සහයෝගී ප්‍රයත්නයක් ලෙස මෙම පිරිවැය ප්‍රතිසාධන සූත්‍රය හඳුන්වා දෙන බවයි.

ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ සමාජයේ අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ අස්වැසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම වසර ඇතුලත ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොකරන බවද අමාත්‍යවරයා පවසා සිටියා.



from TODAY NEWS LK https://ift.tt/NalJTup
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.