Loading..

පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදන්

පාසල් දරුවන් දෙදෙනෙක් අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බව මාරවිල පොලිසිය පවසනවා.

අදාළ දරුවන් දෙදෙනා ඊයේ (19) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාත්තන්ඩිය, මුට්ටිබැදිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කවීෂ මධුසංඛ නැමැති 15 හැවිරිදි දරුවෙක් සහ නාත්තන්ඩිය, සාගරගම පදිංචි ලක්ෂාන් නිමන්ත නැමැති 15 හැවිරිදි දරුවෙක්.

මොවුන් දෙදෙනා නාත්තන්ඩිය, පිලාකටුමුල්ල නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන බවයි වාර්තා වුණේ.

මෙම සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් සන්තකයේ දුම්කොළ සහ හුණු ස්වල්පයක් තිබී ඒ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා ඔහුට අවවාද කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම සිසුවා සිත් තැවුලෙන් සිටි බවට ඔහුගේ මව පොලිසියට පවසා ඇති බව සඳහන්. අතුරුදහන් වී සිටින දරුවන් සොයා මාරවිල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/9Bkg2eD
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.