රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය කථානායකවරයා යටතේ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පාර්ලිමේන්තුවේදී පහරදුන් බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මීට පෙර චෝදනා කළ අතර ඇය ඊයේ (20) පස්වරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබෙන අතර ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව අද (21) රෝහලෙන් පිටව ගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අමාත්‍යවරිය වැලිකඩ පොලිසියටද පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.
from TODAY NEWS LK https://ift.tt/W17Ojr6
via IFTTT


