Loading..

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

මෙම ජල කප්පාදුව සිදු කරන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

හෙට(04) පස්වරු 7.00 සිට අනිද්දා (05) වන දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ.



from TODAY NEWS LK https://ift.tt/V8Lt23Q
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.