ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ සිය විශේෂ අවධානය යොමුව ඇති බව පැවසූ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව ද සඳහන්ව ඇත.
ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
from TODAY NEWS LK https://ift.tt/TPVRrXs
via IFTTT


